Pages

Saturday, September 30, 2017

සරණාගතයින්ට පහරදෙන්න ගිය 1ක් රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර් සරණාගතයින් පිරිසකට පහරදීමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සිද්ධිය  සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ(29) දිනයේ මොහු අත්අඩංගුවට ගත්තේය.

 34 හැවිරිදි අදාළ සැකකරු අද(30) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

එදිනට අදාළ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ද ඉදිරිපත් කිරීමට  නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.