Pages

Saturday, September 30, 2017

කටුගස්තොට පොලිස් ස්ථානයේ 65 කට ස්ථාන මාරු

කටුගස්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් 65 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මහනුවර පළාත් බාර නියෝජ්‍ය  පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට එම පොලිස් ස්ථානයේම සේවය කිරීම, සේවා අවශ්‍යතාවය සහ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් එම ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

කෙසේවෙතත් අදාළ පොලිස් නිලධාරීන්ට මහනුවර කොට්ඨාසයේම පොලිස් ස්ථාන වෙත එම
ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කළේය.