Pages

Saturday, September 30, 2017

මනුෂ්‍යත්වය නැතුව කළ මේ වැඩේට දැඩි පියවර ගන්නවා!

රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව ගල්කිස්ස ප‍්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 6 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඊට සම්බන්ධ සැකකාරියක් අද (30) අත්අඩංගුවට ගැනුනේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

තවත් සැකකරුවකු ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම සිද්ධියේ ඉදිරි පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වන පොලිස්පති පූජිත් ජයසුන්දර පවසන්නේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවය. කැමරාවල සටහන්ව ඇති තෙරතුරු පරීක්ෂාකර බලා
මේ වනවිට සැකකරුවන් 8 දෙනකු හඳුනාගෙන ඉන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉතිරි පිරිසද හැකි ඉක්මනට අත්අඩංගුවට ගන්නා බවත් පොලිස්පතිවරයා මෙහිදී පවසා සිටියා. මේ විදියට පෞද්ගලික න්‍යායපත්‍ර වලට අනුව මනුස්සත්වය නැතුව කරපු මේ වැඩේ සම්බන්ධයෙන් අප්‍රසාදය පලකරන බවද පොලිස්පතිවරයා පැවසුවා.
(under the courtesy of nethfm news web)