Pages

Saturday, September 30, 2017

පෙට්‍රල්-ඩීසල් මිල ඉහළ නගී

ඉන්ධන මිල ඉහළ නංවන ලෙස ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යනු ඇති බව වාර්තා වෙයි.

ඉදිරි සතියේදී ඊට අදාළ මිල ගණනන් ප්‍රකාශයට පත් කරන බව ද අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කර තිබේ.

ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විටත් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව පවසමින් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් ද යොමු කර ඇති බව
සඳහන්ය.

මිල වැඩි නොකිරීම හේතුවෙන් තම සමාගම  පාඩු ලබන බවත්, ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලේ උච්චාවචනයන් සිදුවීමත්, රුපියලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමත් හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට සිදු වන බව අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.