Pages

Monday, January 27, 2020

කතරගම රෝහල ඇතුළේ ගුටි කෙළියක් 5දෙනෙක් ප්‍රතිකාර ලබති

කතරගම දිසා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිසකට තවත් පිරිසක් පැමිණ පහර දීම නිසා කතරගම දිසා රෝහලේ බාහිර රෝගී අංශයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

ඊයේ (26 දා) දහවල් 12ට පමණ මෙම පිරිස දිසා රෝහලේ දී ගැටුම ඇති කරගෙන තිබේ.

මෙම පිරිස කතරගම නාගහවීදිය පදිංචි පිරිසක් වන අතර මොවුන්ගේ පෞද්ගලික අමනාපයක් දුරදිග යෑම මුල් කරගෙන මෙම ගැටුම සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ගැටුම නිසා පිරිමි පුද්ගලයින් 05දෙනකු කතරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර කතරගම
පොලිසිය ගැටුම සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

කතරගම කේ.ඩී. දේවප්‍රිය 


under the courtesy of divaian.com news web