Pages

Monday, January 27, 2020

බිරිඳ රට ගොස් සිටියදී සැමියා දරු දෙදෙනා ගඟට දාන්න හදලා

බළන්ගොඩ මුගුණමලේ ප්‍රදේශයේදී පුද්ගලයකු තම බිරිඳ රට රැකියාවට ගොස් සිටියදී වයස අවුරුදු තුනක හා අවුරුදු 12 ක දරුවන් දෙදෙනා දොරවෙල පාලමෙන් ගඟට දැමීමට උත්සාහ දරා ඇත. මේ පිළිබඳව සිදුවීම දුටු අය විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බිරිඳ රට යෑමට පෙර සිට ගම් ප්‍රදේශයේ අයකු සමග අනියම් සබඳතාවක් තිබූ බවට සැමියාට ආරංචිවීමෙන් පසු ඇතිවූ ක්‍ෂණික කෝපය නිසා මෙම අපරාධය සිදුකිරීමට තැත්කර තිබෙන බව
පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම දරුවන් දෙදෙනා සහ සැකකරු බළන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. එම්. එස්. මැණිකේ මහත්මිය හමුවට 25 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. දරුවන් දෙදෙනා මොවුන්ගේ සමීප ඥාතීන්ට භාරදීමටද නියම කර තිබේ.

බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො. ප. පාලිත රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවත්වෙයි.

බළන්ගොඩ - එන්. එච්. පියසේන


under the courtesy of divaina.com news web