Pages

Tuesday, January 28, 2020

බදුල්ලේදී තියුණු ආයුධයකින් පහර කෑ කාන්තාවක් අවසන් ගමන් යයි

බදුල්ල - කයිලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද (28) පෙරවරුවේ කැපුම් තුවාල සහිතව කාන්තාවක් එම ප්‍රදේශයේ මාර්ගයේ බිම ඇද වැටී ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයා ගනු ලැබුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවයි පොලීසිය සදහන් කළේ.