මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් 8, 9 සහ 10 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්පත් බාරගැනීම ලබන 16 වැනිදායින් අවසන් වන අතර කිසිදු හේතුවක් නිසා එම දිනය දීර්ඝ නොකරන බව මැතිවරණ
කොමිෂන් සභාව පවසයි.