Pages

Monday, April 13, 2020

හිටපු අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදු කළ හැටි

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද පස්වරුවේ මීගමුව - ශාන්ත මරියා දේවස්ථානයේදී සිදුකෙරුණා.

ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. රාගම - තේ වත්තේ එමවුස් මැදුරේදී උන්වහන්සේ පසුගිය සිකුරාදා ස්වර්ගස්ථ වන විට 87 වන වියේ පසුවුණා.

අති උතුම් නිකලස් මාකස් පියතුමන් හිමිපාණන් කොළඹ 7 වන අගරදගුරුතුමන් වූ අතර, උන්වහන්සේ 1977 වසරේ සිට 2002 වසර දක්වා එම පදවිය හොඹවනු ලැබුවා.

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරගුරු හිමිපාණන්ගේ දේහය පිළිබද අවසන්
කටයුතු සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියා.