Pages

Tuesday, April 21, 2020

අවුරුදු හතරක දැරියක් ජල ටැංකියකට වැටී මියයයි

නිවසක ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් මුලතිව්, මල්ලාවි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගියදා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු හතරක දැරියක් බවයි අප වාර්තාකරු පැවසුවේ.දැරියගේ මව සහ පියා ගවයින්ට ලබාදීමට තණකොළ කැපීමට ගිය අවස්ථාවේදී නිවසේ දිය නෑම සඳහා සකස් කළ ජල ටැංකියට වැටී ඇය මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දැරිය මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දෙන අවස්ථාවේ ඇයගේ මුත්තනුවන් ද නිවසේ රැඳී සිට ඇති
බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.


under the courtesy of gossip.hirufm.lk news web