Tuesday, October 10, 2017

කිසිදු රාජ්‍ය චක‍්‍රලේඛයක් මහජන සේවාවන් ප‍්‍රමාද කිරීමට හේතු නොවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Add caption
කිසිදු රාජ්‍ය චක‍්‍රලේඛයක් මහජන සේවාවන් ප‍්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

යම් වෘත්තීය සේවාවක විධිමත්භාවයට සහ කාර්යක්ෂමතාවයට යම් චක‍්‍රලේඛයක් හරස්වී ඇත්නම් එය කඩිනමින් සාකච්ඡා කර විසඳා ගතයුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවති ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය අමතමිනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තැපැල් සේවාවේ පවතින සියලු
ගැටලු සාකච්ඡා කර නිරාකරණය කිරිමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ඕනෑම වෘත්තීය ගැටලුවකට සාකච්ඡා මගින් විසඳුම් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව 1970 සිට ලොව රටවල් 193 ක් සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින ලෝක තැපැල් දිනය සමරනු ලබයි.
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර E-commerce වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
තැපැල් කාර්යාල හා සේවකයින් ඇගයීමට ලක් කරමින් කුසලාන හා සහතික පත් ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අටදහස් පන්සීයක් වන තැපැල්කරුවන්ට නව පාපැදි ලබාදීම සහ තැපැල් ප‍්‍රවාහන සේවා සවිමත් කිරීම සඳහා රුපියල් මිලියන 325 ක වියදමින් වෑන් රථ හා කුඩා කැබ්රථ තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
රුපියල් මිලියන 307 ක් වියදමින් ඉදිකෙරන පොළොන්නරුව තැපැල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ද මේ හා සමගාමීව අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
උතුරු, උතුරුමැද හා නැගෙනහිර තෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, පේෂල ජයරත්න, සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka