Monday, May 8, 2023

පුතා පැවිදි දිවියට බාරකර නිවස බලා යන අතරතුර පියාට අත්වූ ඉරණම

සිය එකම පුත්‍රයා පැවිදි දිවියට බාරකර යළි නිවස බලා ගමන් කළ පියෙකු දිඹුලාගල දී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සෝචනීය පුවතක් වාර්තා වනවා.


දිඹුලාගල පදිංචි 28 හැවිරිදි මියගිය පුද්ගලයා සිය පුත්‍රයා සමඟ තනිව ජීවත්ව සිට තිබෙනවා.

විදෙස්ගත වීමේ අරමුණෙන් ඔහු සිය පුත්‍රයා පැවිදි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Sunday, May 7, 2023

කොළඹ තරුණයින් රැවටූ කාන්තාව අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

මුදල් වංචාවට හසුවූ තරුණයින් විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඉඟියක්


රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවය.

"අපි දැන් බංකොළොත්භාවයෙන් මිදිලා තියෙනවා. එහෙම කරනකොට මේ රටේ ජනතාවට තමයි ඒ සැහැල්ලුව වාසිය හම්බවෙලා තියෙන්නේ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රටේ ආර්ථිකය සකස් කරගෙන අවසාන කාර්තුව වන විට රජයේ සේවකයින් වැටුප්

Saturday, May 6, 2023

තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන්

වි‍‍ශ්‍රාමික පොලිස් නිල‍‍ධාරියාගේ ජාවාරම හසුවෙයි

කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් නිලධාරිවරයෙක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ‍ඊයේ ( 3දා) වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය කුරුණෑගල නුවර මාර්ගයේ ගැට්ටුවාන මංසන්ධිය

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අද (04දා) අභාවප්‍රාප්ත විය.  

කලා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙකු වන ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය.

ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥානාංග ගුණවර්ධන මහතා ‘නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල්^ ආදී ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය. 

තෙවන චාල්ස් රජු අභිෂේක ලබයි

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය  සිදු විය.

ඒ අනුව, ඔහු සහ රජ මෙහෙසිය කැමිලා බිසව වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී කිරුළු පැළඳූහ.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00ට තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය ආරම්භ විය.එය දැක බලා


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka