Sunday, May 7, 2023

කොළඹ තරුණයින් රැවටූ කාන්තාව අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත.

මුදල් වංචාවට හසුවූ තරුණයින් විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

රුමේනියාවේ සුපිරි වෙළෙඳසැලක මාසයකට රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක වැටුපකට රැකියාවට යවන බව පවසමින් අදාළ කාන්තාව එම තරුණයින්ගෙන් මුදල් වංචාකර ඇත.

මාස හතරක කාලයක් තිස්සේ මුදල් ගත් අදාළ කාන්තාව තමන් රවටමින් සිටි බවත් එය වංචාවක් බව වැටහී ගිය බැවින් තමන් කාර්යාංශය වෙත පැමිණිලි කළ බවත් වංචාවට හසුවූ තරුණයින් පවසා තිබේ.

එමෙන්ම එම පිරිසගේ ගමන් බලපත්‍ර සහ ඔවුන් සතු සහතික පත් අදාළ කාන්තාව විසින් ලබාගෙන ඇය විසින් එම ලියකියවිලි සඟවාගෙන තමන් වෙත නැවත භාරනොදී මඟහැර සිටි බවත් අදාළ තරුණයින් පැමිණිලි කර ඇත.

ඒ අනුව විමර්ශනය කිරීමේදී රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  බලපත්‍රයක් නොමැතිව එම කාන්තාව මෙම මුදල් වංචාවේ නිරත වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.


වංචාව සිදුකළ කාන්තාවට විරුද්ධව ගොනුකළ පැමිණිල්ල පසුගිය 02 වනදා විභාගයට ගත් දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ කාන්තාව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. 

under the courtesy of adaderana.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka