Thursday, March 5, 2020

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නාඩි වෙළඳුන්ට තහනම් කෙරේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කරදැමීමටයි. එම සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

මෙම නාඩි වෙළඳුන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු හා පළතුරු ‍රැගෙන එන ගොවීන්ගෙන් තමන් විසින් නියම කරනු ලබන මිලකට එම එළවළු හා පළතුරු මිලදි ගනු ලබනවා. ඉන්පසු ඔවුන් සිදු කරන්නේ එසේ මිලදී ගත්
එළවළු සහ පළතුරු එම ආර්ථික මධ්‍යස්ථානයේදී ම ඊට වැඩි මිලකට ඔවුන් සමග සබඳතා පවත්වන පිට පළාත්වලින් පැමිණෙන වෙළෙඳුන්ට අලෙවි කිරීමයි. මෙය කාලයක් තිස්සේ සිදුවෙමින් පැවැති කාර්යයක්. සංගමයේ හිටපු සභාපති යු.බී.ඒකනායක මහතා පවසන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ එදිනෙදාට තොග අඩු වශයෙන් ලැබෙන හා ඉහළ ඉල්ලූ‍මක් තිබෙන එළවළු වර්ග සඳහා මෙම නාඩි වෙළෙඳුන් වඩාත් උනන්දුවෙන් කටයුතු කර ගොවියාටත් ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථිර වෙළෙඳුන්ටත් නොලැබෙන අමතර අදායමක ලබා ගැනීම කාලයක් තිස්සේ කරගෙන ගිය බව යි.
 

එසේම  කිලෝ පහකට වඩා අඩුවෙන් එළවළු අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයින් හත්දෙනකුට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ කුඩා සතිපොළ වෙළෙඳුන්ට පහසු වන ලෙසයි. ඔවුන්ට අමතරව තවත් පිරිසක් ව්‍යාපාරික පරිශ‍්‍රවලින් ඉදිරිපස එළවළු කිලෝව බැගින් ද අලෙවි කිරීමේ යෙදී සිටීම නිසා කිලෝ පහට අඩුවෙන් විකිණීම ද තහනම් කිරීමට තීරණය කළ බවත් ඒකනායක මහතා පවසා සිටිනවා. මෙම තීරණ පිළිබඳව ලිඛිතව සියලූ‍ම ව්‍යාපාරිකයින්ට දැනුම් දීමට පියවර ගත් බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ. 


------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka