Pages

Saturday, September 30, 2017

රුපියල් 90000ක දඩු මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට

මරදාන දුම්රිය ස්ථානයේ සිදුකළ හදිසි පරීක‍ෂාවකදී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කළ මගීන් හතලිස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ආරක‍ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පැවසුවේ ඉන් තිස් දෙනෙකුගෙන් රුපියල් අනූ දහසක දඩ මුදලක් අය කර ගත් බවයි.

අනෙක් මගීන් දස දෙනා  ඇප මත නිදහස් කර තිබෙනවා.
හෙට (01) දිනය තුළ ඔවුන් දඩ මුදල නොගෙවන්නේ නම් එම පිරිසට එරෙහිව නඩු පවරන බවයි දුම්රිය ආරක‍ෂක අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethfm news web)