Pages

Saturday, September 30, 2017

කෝටි 3900ක කුඩු වලට ගිනිතියන්න ජනපති අණදෙයි !

පොලිසිය හා මත්ද්‍රව්‍ය නාශක අංශ මගින් අත්අඩංගුවට ගෙන කාලයක් තිස්සේ ගබඩාකර තිබූ වෙළෙඳ පොළ වටිනාකම අනුව රුපියල් කෝටි 3,900 කට පමණ ආසන්න වටිනාකමක් ඇති මත්කුඩු හා කොකේන් තොගයක් ඉතිහාසයේ පළමුවරට ප්‍රසිද්ධියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
මත්කුඩු කිලෝ ග්‍රෑම් 982ක් හා කොකෙන් කිලෝ ග්‍රෑම් 1,028ක් මෙසේ විනාශ කිරීමට නියමිත බව පැවසේ.

තොග වශයෙන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් හා මත්කුඩු වර්ග අධිකරණ ගබඩාවලත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා මත්ද්‍රව්‍ය නාශක අංශයෙත් ගබඩා කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු හේතුවෙන් මේවා විනාශ කිරීමට යෝජනා කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන
නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාය.

අධිකරණය සඳහා නියැදි තබාගෙන මේ තොගය විනාශ කර දැමීමට මේවන විට තීරණය වී තිබේ.

ඉදිරි දෙසතිය තුළ පරිසරයට හානි නොවන ආකාරයට ආදාහනාගාර තුළ මේවා පුළුස්සා දැමීමට මේවන විට තීරණය කර ඇති බව පැවසේ.

(under the courtesy of srilankamirror news web)