Pages

Saturday, September 30, 2017

තරුණයන් දෙදෙනෙකුට පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

මිහින්තලය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දුන් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.

සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනාට පහරදී ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක් විසින්.

පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ වෙත පැමිණිල්ලක් කර තිබුණා.

ඒ, ඉකුත් 19 සහ 20 යන දිනවල අනුරාධපුර පොලිස් ස්ථානයේදී සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුර තමන්ට
පහරදුන් බව පවසමින්.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසු අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කෙරුණා.

(under the courtesy of nethfm news web)