Pages

Thursday, October 5, 2017

කැලණිය විශ්ව විද්‍යාලය තාවකාලීකව වැසේ

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියළුම පීඨ තාවකාලීකව වසා දැමීමට පාලනාධිකාරීය තීරණය කර තිබෙනවා.

ඒ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන්.

සිසුන් දෙපිරිසගේ නායකයන් සමග පැවැති සාකච්ඡාව ව්‍යර්ථ වීමත් සමග පාලනාධිකාරිය මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුන් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව වෛද්‍ය පීඨ සිසුන් හැර අනෙකුත් අභ්‍යන්තර සියලු සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම්
කලාපයක් වනු ඇති.

අද දහවල් 12 පෙර අභ්‍යන්තර සියලු සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙසයි පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ.
(under the courtesy of nethfm news web)