Pages

Thursday, October 5, 2017

සමෘද්ධිලාභීන් ආසාධාරනයක් වෙන්නේ නෑ

මතභේදයට තුඩුදීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු සමෘද්ධිලාභීන් පිළිබඳ සිදුකළ සමීක‍්ෂණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

එහි කටයුතු ලබන වසරේ මුල් කාර්තුවේදී අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.මේ වනවිට එහි තත්ත්වය කෙසේ දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා

මේ ඊට ප්‍රතිචාර දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක‍ෂ ජනරාල් ප්‍රදීප් යසරත්න කියා සිටියේ කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ආකාරයෙන් මෙම කටයුතු ඉදිරියට සිදුකරන බවයි.

පවතින අඩපාඩු හඳුනාගෙන ඇති අතර තවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක නිරත වී ඇති බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක‍ෂ ජනරාල් ප්‍රදීප් යසරත්න තවදුරටත් කියා සිටියේ.

අලූතින් පිරිස් සමෘද්ධි සහනාධාරයට ඇතුළත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා
ඇති බව ද ඔහු කියා සිටියා.

සමෘද්ධිලාභියෙකු මියගියහොත් ඒ වෙනුවට පොරොත්තු ලේඛණයේ සිටින අයෙකුට අවස්ථාව හිමිවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

සමෘද්ධි සහනාධාරය මේ වනවිට ලක‍ෂ 14 කට ආසන්න පිරිසකට හිමිවනවා. තවත් අට ලක‍ෂ හතලිස් දෙදහසක් සමෘද්ධි සහනාධාරය සඳහා ඉල්ලූම් කර ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඛාණ්ඩ කිහිපයක් යටතේ රුපියල් 420 සිට රුපියල් 3,500 දක්වා සමෘද්ධි සහනාධාරය හිමිවනවා.

(under the courtesy of nethfm news web)