Pages

Tuesday, October 10, 2017

ළහිරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට තහනම් නියෝගයක්!

ළහිරු වීරසේකර, පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්නද හිමි, සුසිත ප්‍රියංකර පෙරේරා ඇතුළු කිසිඳු ශිෂ්‍ය ක්‍රියාකාරී සාමාජිකයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ රජයේ කිසිඳු ආයතනයකට ඇතුළුවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අද(10) දිනයේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අද දිනයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් කලහකාරී ලෙස රැස්වීමට සිටින බවට බුද්ධි අංශවලට
ලැබුණු තොරතුරක් මත මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.