Pages

Monday, February 24, 2020

අල්ලයිප්පිඞ්ඩිහිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7දෙනෙක් අත්අඩංගුවට

යාපනය, අල්ලයිප්පිඞ්ඩි ප‍්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත්දෙනකු නාවික හමුදාව විසින් මුහුදු කූඩැල්ලන් 2,450 දෙනකු සමග අත්අඩංගුවට ගෙන 22 වැනිදා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.

උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක විසින් යාපනය, අල්ලයිප්පිඞ්ඩි ප‍්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කරන ලද මෙහෙයුමක් අතර තුර දී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි
පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2,450දෙනකු, ඩිංගි යාත‍්‍රා දෙකක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33ත් 46ත් අතර වයසේ පසුවන ගුරුනගර් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත‍්‍රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කරන ලදී.

දිනසේන රතුගමගේ


 under the courtesy of divaina.com news web