Pages

Monday, February 24, 2020

ආනයනික ලොකු ලූනු කිලෝවකට රු.190ක උපරිම මිලක් පනවයි


ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් ඊයේ (23 වැනිදා) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

වෙළෙඳ පොළේ ලොකු ලූනු මිල විශාල ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම උපරිම සිල්ලර
මිල නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.