Pages

Saturday, February 1, 2020

කල්පිටිය ප්‍රදේශයේ සිදු වූ කාන්තා ඝාතනයක් ගැන තොරතුරු හෙළිවෙයි

කල්පිටිය - පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ නිවසක් තුළ දී හිසට තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 83ක කාන්තාවක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.