Pages

Tuesday, February 25, 2020

අලුයම අවදි වී කෑම පිසිමින් සිටි මව හදිසියේම මියගිහින්

තම පාසල් යන දියණියට හා වැඩට යන සැමියාට ආහර සකස් කිරීමට අලුයම අවදි වූ මවක් පපුව රිදෙන බව පැවැසීමෙන් නිකවැරටිය රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව කොබෙයිගනේ පොලිසිය පැවැසීය.

මෙසේ මියගියේ කොබෙයිගනේ පොලිස් වසමේ මාවතගම පදිංචි 52 හැවිරිදි ජේ.සී. චන්ද්‍රා මල්කාන්ති නමැති සිවුදරු මවකි.

පෞද්ගලික ආයතනයක රියැදුරකු ලෙස සේවය කරන තාත්තාට හා පාසල් යන බාල නංගීට දහම්පාසල් යෑමට
කෑම සකස් කිරීම සඳහා අම්මා ඉරිදා දින අලුයම සුපුරුදු පරිදි හතර හමාරට පමණ අවදි වුණා. එසේ අවදි වූ අම්මා මට කතා කර පපුව රිදෙන බව පැවැසීමෙන් නිකවැරටිය රෝහලට රැගෙන යෑමෙන් පසු ටික වේලාක් ප්‍රතිකාර ලබා මිය ගියා යැයි මියගිය මවගේ පුතා වන කේ.එච්.ඒ. සමන් කුමාරසිංහ මහතා ඉරිදා පස්වරුවේ නිකවැරටිය රෝහලේ පැවැති මරණ පරීක්ෂණ අවස්ථාවේදී පැවැසීය.

මරණය සම්බන්ධ පරීක්ෂණ නිම කිරීමෙන් පසු බල‍ෙදාර කොට්ඨාසයේ මරණ පරීක්ෂකවරයා හෘදයාබාධයක් නිසා මරණය සිදුවී ඇති බවට තීරණය ලබාදුනි.