Pages

Friday, February 28, 2020

කොරෝනා වලින් සුවය ලැබූ කාන්තාවක් ආපසු කොරෝනාවට ගොදුරු වෙයි

COVID - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිතව සුවය ලබා යළිත් එම රෝගයට ගොඳුරුවූ කාන්තාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා වනවා. වෛරසය ආසාදනයවී සුවය ලැබූ එම කාන්තාව යළිත් කොවිඩ් 19 වෛරසයට ගොදුරුවී ඇති අතර ඇයව නැවතත් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

අදාළ කාන්තාව සංචාරක බස් රථයක මාර්ගෝපදේශිකාවක් ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන විට ලොව පුරා රටවල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 2858ක්.
ඊයේ දිනයේදී දකුණු කොරියාවෙන් තවත් මරණයක් වාර්තාවී ඇති අතර ඒ සමග එරටින් වාර්තාවූ මුළු මරණ සංඛ්‍යාව 13දක්වා ඉහළ ගොස් තිබුනා.

නව කොරෝනා වෛරසයෙන් චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ රට වන දකුණු කොරියාවේ වාර්තාවී ඇති මුළු ආසාදිතයන් ගණන 1766ක්. ජපානයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට 900 ඉක්මවයි.