Pages

Friday, February 7, 2020

අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ අජිත් ප්‍රසන්නට ලැබුණු නියෝගය මෙන්න

මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවකට අදාළව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික වල්පොල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප ලබා දෙන ලෙස
කළ ඉල්ලීම ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.