Pages

Friday, February 7, 2020

යතුරුපැදියක්, බස් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මරුට

හොරොව්පතාන - කපුගොල්ලෑව - මරදන් මඩුව මාර්ගයේ වාගොල්ලාකඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

හොරොව්පතානේ සිට මරදන්මඩුව ප්‍රදේශයට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි යතුරුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී
ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, වැලිකඩ - පරණ කෝට්ටේ මාර්ගයේ - සරණ මාවත අසළ දී සිදුවූ රිය අනතුරකින් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක්, බවුසර් රථයක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.