Pages

Monday, February 3, 2020

පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට අද අධිකරණයෙන් දුන් නියෝගය

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 5 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල සහ ප්‍රහාරයේ හානිය අවම කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්  ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද විභාගයට ගත්
අවස්ථාවේදියි.

එහිදී ඇප ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසම විභාගයට ගෙන නොමැති අතර එය ලබන 5 වන දා සලකා බැලීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත්තේ.