Pages

Wednesday, March 4, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 23 දෙනෙකුට කොරෝනා - සහායට හමුදාවත් කැඳවයි

ඉරාන පාර්ලිමේන්තුවේ 8%කට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙන බව සඳහන්.

ඉරානයේ මේ වනවිට දැඩි ලෙස කොරෝනා වෛරසය බෝවීම සිදුවන නිසා එරට හමුදාව රෝගයට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින්ගේ සහායට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබියදී ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ සහායට සිටි ප්‍රධාන
නිලධාරියෙකු කොරෝනා වෛරසයට ගොදුරුවී මියගොස් තිබෙනවා.

මේ අතර වෛරසය හේතුවෙන් 77 දෙනෙකු මියගොස් ඇති අතර 2336 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.