Pages

Wednesday, March 4, 2020

සමූහ දූෂකයන්ගේ මරණ දඬුවම යළිත් කල් යයි

නිර්භයා යන අන්වර්ථ නමින් ප්‍රකට වූ ජේ‍යා්ති සිං නමැති 23 හැවිරිදි තරුණිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමට වරදකරුවන් වී, ඊයේ එල්ලුම් ගසට යෑමට නියමිතව සිටි අපරාධකරුවන් සිවු දෙනාගේ මරණීය දණ්ඩනය දිල්ලි අධිකරණය විසින් නැවතත් කල් තබනු ලැබීය.

දඬුවමට යටත්ව සිටින පවන් කුමාර් ගුප්තා විසින් ජීවිත දානය ඉල්ලා ජනාධිපති වෙත ආයාචනයක් සඳුදා ඉදිරිපත් කිරීම මෙම අත්හිටුවීමට හේතුවය.

එහි ප්‍රතිඵලය ලැබෙන තුරු දඬුවම ප්‍රමාද කිරීමට අතිරේක විනිසුරු ධර්මේන්ද්‍ර රනා තීරණය කළේය. නමුත් ගුප්තාගේ නීතිඥයා ඉන් පෙර ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබූ ආයාචනයක් ප්‍රතිෂේප කරනු ලැබ තිබිණි.