Pages

Friday, March 27, 2020

කොරෝනා හැදුනු 5ක් බණ්ඩාරගමින්

බණ්ඩාරගම, අටුළුගම, මාරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය වැලඳී ඇති බවට පසුගිය 26දා තහවුරු වීමත් සමඟ බණ්ඩාරගමින් හමු වූ රෝගීන් ගණන පහ දක්වා ඉහළ යන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මේ අනුව පසුගිය 26දා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ රෝගීන් ගණන 15 දක්වා ඉහළ ගොස් තිබිණි.

බණ්ඩාරගමින් හමුවූ රෝගියා ඩුබායි සිට පසුගිය 19දා මෙරටට පැමිණ ඇති අතර 25 වැනිදා
අසනීපවීමෙන් පසු කළුතර නාගොඩ රෝහලට ඇතුළත්වීමෙන් පසු කෙරෝනා වයිරසය ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.

under the courtesy ofmawbima.lk news web