Pages

Thursday, March 12, 2020

හදිසි මිලදී ගැනීම් නිසා යාපනය නොසන්සුන්, ජනතාව පාලනයට පොලීසිය

යාපනය නගරයේ වෙළෙදසැල් හා ඉන්ධන පිරවුම්හල්වල  ඊයේ (12) දා රාත්‍රී දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැනීමත් සමගම ජනතාව පාලනය කිරීම සඳහා පොලීසිය යෙදවීමට සිදුව තිබේ.

කොරෝනා වෛරසය පැතිරේ යැ යි යන බියත් සමගම  ආහාර පාන ඖෂධ හා ඉන්ධන හිගයක් රට තුළ  ඇතිවිය හැකි බවට පැතිර ගිය ආරංචියක් සමගම යාපනය වැසියෝ එක්වරම වෙළෙඳසැල්වලට පැමිණ භාණ්ඩ වැඩි ප්‍රමාණ

වලින් මිලට ගැනීමට පටන් ගැනීමත් ඉන්ධන රැස් කර ගැනීමට පටන් ගැනීමත් සමගම මේ තත්ත්වය උදා වී තිබුණි.

උදා වූ තත්ත්වය මත යාපනයේ වෙළෙදසැල් හිමියන්ට රාත්‍රී 10 න්  පසුව ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම ට හැකිව ඇත්තේ පොලීසිය මැදිහත් වීමෙන් පසුවය.