Pages

Tuesday, March 24, 2020

බොරැල්ලේ සිනමා ශාලාවට සීල් තබයි

කොරෝනා වෛරසය හේතුවෙන් සිනමා ශාලා වසා තැබීමේ නීතිය උල්ලංඝනය කළ බොරැල්ල ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ධ සිනමා ශාලාවක් වටලා මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත.

දිවයින පුරා ශීඝ‍්‍රයෙන් පැතිරී යන කොරෝනා වසංගතය මැඩලීමේ උපාය මාර්ගයක් වශයෙන් ශී‍්‍ර ලංකාව තුළ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ අනුමැතිය යටතේ කි‍්‍රයාත්මක වන සියලූම සිනමා හල් වසා තැබීමට නියෝග කර තිබියදී එම විධිවිධාන උල්ලංඝනය කරමින් බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සිනමා ශාලාව තුළ මත්පැන් අලෙවි කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ‘1913’ ක්‍ෂණික ඇමතුම්
අංකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්, මාධ්‍ය ප‍්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

මුද්‍රා තබන ලද සිනමා ශාලාවට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකර චෝදනා තුනක් යටතේ ඉදිරිපත් කළ බවත් ඒවාට සිනමා ශාලාව වැරදි පිළිගැනීම් නිසා රුපියල් ලක්‍ෂ පහක දඩයක් නියම කළ බවත් කුමාරසිංහ මහතා කීය.

එම මුදල ගෙවීමට සිනමා ශාලාව අපොහොසත් වීම නිසා තවදුරටත් සිනමා ශාලාව මුද්‍රා තබා බලපත‍්‍රය අත්හිටුවීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා


under the courtesy of divaina.com news web