Pages

Friday, April 17, 2020

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට සිදු වන දේ

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොරෝනා වසංගත තත්ත්වය අවසන් වනතුරු දීර්ඝ කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

මාර්තු මස 10 වැනිදායින් පසුව කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර නැවත අලුත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබාදී තිබූ කාලසීමාව පසුගිය 15 වැනිදායින් අවසන් වුණා