Tuesday, March 17, 2020

කොරෝනා අස්සේ ගෙයින් එළියට බැස්සොත් ලක්‍ෂ ගාණක් දඩ

කොවිඩ්-19 වසංගතය නිසා සම්පූර්ණයෙන් වසා දැමුණු රටවල් අතරට දැන් ස්පාඤ්ඤය ද එක්ව සිටියි. මේ ආකාරයෙන් රටම වසා දැමුණු තත්ත්වයක් මුලින්ම ප්‍රකාශයට පත් කළේ ඉතාලියයි. දැන් ස්පාඤ්ඤය ද එම පියවර අනුගමනය කළ දෙවැනි රට බවට පත්ව තිබේ. මේ අතර රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට ස්පාඤ්ඤ රජය පසුගිය සෙනසුරාදා කටයුතු කළේය.

ස්පාඤ්ඤයට මෙවැනි දැඩි පියවරක්
ගැනීමට සිදු වූයේ එහි ද දිනපතා වාර්තා වන අලුත් ආසාදිතයන් ගණන වේගයෙන් වැඩි වන්නට පටන් ගැනීම හේතුවෙනි. දැන් දින කිහිපයක සිටම දෛනිකව එහි වාර්තා වන අලුත් ආසාදිතයන් ගණන 1000-2000 අතර අගයක් ගනිමින් තිබේ. පසුගිය 15 වැනි දින ඒ ආකාරයෙන් වාර්තා වී තිබූ අලුත් ආසාදිතයන් සංඛ්‍යාව 1,597ක් ලෙස සටහන් වූ අතර 14 වැනි දින අලුත් ආසාදිතයන් 1,159ක් හමු වී තිබිණි. සඳුදා (16දා) ප්‍රකාශයට පත්ව තිබූ සංඛ්‍යාලේඛනවලට අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,988ක් විය. මරණ සංඛ්‍යාව 294ක් දක්වා වැඩි වී තිබිණි. පැය 24ක් තුළ මරණ 98ක් සම්බන්ධයෙන් අලුතෙන් වාර්තා වී තිබීමද බරපතළ තත්ත්වයක් සනිටුහන් කළේය.

ස්පාඤ්ඤයෙන් වාර්තා වූ තවත් විශේෂ සිද්ධියක් වූයේ එරට අගමැති පෙද්‍රො සන්චේස් ගේ බිරිය වන 45 හැවිරිදි බිගෝඥා ගෝමස් ද වයිරසයට ගොදුරු වීමයි. බිගෝඥා මේ ආකාරයෙන් ආසාදිතයකු බවට පත් වීමත් සමඟ ඇයත්, අගමැතිවරයාත් දෙදෙනාම මැඩ්රිඩ් නුවර පිහිටි අගමැති නිල නිවෙස තුළට වී කල් ගත කරන බව ද මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් අගමැති බිරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ. එරට කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුට ද වයිරසය ආසාදනය වී ඇති බව එයට පෙර වාර්තා වී තිබිණි.

මේ වනවිට ස්පාඤ්ඤයේ පාසල්, ආපනශාලා, හෝටල්, තැබෑරුම්, අත්‍යවශ්‍ය නොවන කඩ සාප්පු, ආදී සියල්ල වසා දමා තිබේ. ජනතාවට නිවෙස්වලින් පිටතට යෑමට අවසර ඇත්තේ ආහාර සහ ඔෟෂධ මිල දී ගැනීම, රැකියාවලට යෑම  සහ රෝහල් වෙත යෑම වැනි කටයුතු සඳහා පමණි. මෙම සීමාවන් කඩ කරන්නන් පිළිබඳව පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටින බවද, නිලධාරීන් පොලිස් රථවලින් එහා මෙහා යමින් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ජනතාවට දැඩි ලෙස අවවාද කරමින් සිටින බවද සඳහන්ය. නිවෙස්වලටම වී සිටින ලෙසත්, නැතහොත් හිරේ විලංගුවේ වැටීමට හෝ ස්ටර්ලිං පවුම් 25,000කට (ලංකා රුපියල් ලක්‍ෂ 60කට) සමාන අතිවිශාල දඩ මුදලක් ගෙවීමට හෝ සූදානම් වන ලෙසත් ඔවුහු ජනතාවට දැනුම් දෙති. සියලු දෙනා මෙම උපදෙස් පිළිපදින බැව් තහවුරු කරගැනීම සඳහා හෙලිකොප්ටර් සහ ඩේ‍රා්න යානා යොදා ගනිමින් ද මෙහෙයුම් දියත් කර තිබේ.

ස්පාඤ්ඤය සම්පූර්ණයෙන් වසා දමන බව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානා පවා උඩු ගුවනේදීම ආපසු හරවා ගැනීමට  සමහර ගුවන් සමාගම්වලට සිදුව තිබිණි. මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤයේ සංචාරය කරමින් සිටි විදෙස් සංචාරකයෝ ද ලොකු අමාරුවක වැටී සිටිති. මන්දයත් ඔවුන්ටද තම නවාතැන්වලටම වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බැවිනි. එක් බි්‍රතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක මාධ්‍ය සමඟ පවසා තිබුණේ තමාට නැවත ඉක්මනින් බි්‍රතාන්‍යය වෙත යෑමට ඉඩ ලැබේවිද යන්න සැකසහිත බවයි. ඇයගේ 84 හැවිරිදි මව ඇය ගෙදර එන තුරු බි්‍රතාන්‍යයේ බලා සිටීම මෙම කාන්තාව මුහුණ දී සිටි ලොකුම ප්‍රශ්නය විය.

ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ පමණක් නොව යුරෝපයේ බොහෝ රටවල මේ වනවිට උද්ගතව ඇත්තේ ඉතා භයානක තත්ත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන තෙද්‍රොස් ඝෙබේ‍රයේසස් පසුගියදා ප්‍රකාශ කළේ, මේ වනවිට කොවිඩ් වසංගතයේ 'අපිකේÂද්‍රය' බවට යුරෝපය පත්ව ඇති බවයි. යුරෝපය තුළ වඩාත්ම බරපතළ තත්ත්වයක් පෙන්වන රටවල් වනුයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය, බි්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය යන ඒවායි. ඩෙන්මාර්කය, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, ඔස්ටි්‍රයාව, හංගේරියාව, රුසියාව, යුක්රේනය යන රටවලට පිටත සිට ඇතුළුවීම වළක්වමින් දේශ සීමා වසා දැමීමට එම රටවල් පියවර ගෙන තිබේ.

ඉතාලියට සහ ස්පාඤ්ඤයට පසු යුරෝපය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙනි. සඳුදා වනවිට වාර්තා වී තිබූ අන්දමට ප්‍රංශයෙන් ආසාදිතයන් 5,423ක් හමු වී තිබූ අතර 127 දෙනකු මියගොස් තිබිණි. එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 5 දෙනකුටද වයිරසය ආසාදනය වී ඇති බව කලින් වාර්තා විය. වර්ධනය වෙමින් ඇති බරපතළ තත්ත්වය හමුවේ එරට තුළ ද දැඩි සීමාවන් ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.

මේ අනුව ප්‍රසිද්ධ ස්ථාන, කඩ සාප්පු, සංචාරක ස්ථාන, පාසල්, අවන්හල්, සිනමාශාලා ආදී බොහොමයක් වසා දැමීමට පියවර ගෙන ඇත. දිනපතා වාර්තා වන අලුත් ආසාදිතයන් සංඛ්‍යාව ප්‍රංශය තුළද කෙමෙන් වැඩි වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. පසුගිය 14 සහ 15 යන දිනවල වාර්තා වී තිබූ අලුත් ආසාදිතයන් සංඛ්‍යා පිළිවෙළින් 838ක් සහ 924ක් විය. ඉදිරියේ දී තත්ත්වය වඩාත් බරපතළ වුවහොත් එරට රජය ද වයිරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා මෙයට වඩා දැඩි පියවර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. සමහර විට ඉතාලියට සහ ස්පාඤ්ඤයට පසු සම්පූර්ණයෙන් වසා දැමෙන තුන්වැනි රට ප්‍රංශය වීමට ද බැරිකමක් නැත.


------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka