Tuesday, March 24, 2020

බිත්තරයක් රුපියල් 10 ට

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීිමකට අනුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23දා) සිට බිත්තරයක මිල රුපියල් දහයක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම නිරෝධායන ම්‍යස්ථානවලට අවශ්‍ය තරම් බිත්තර නොමිලේ ලබාදීමටත් එම සංගමය එකඟත්වය පළ කර තිබේ.
 
වත්මන් තත්ත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන ලෙස අගමැතිවරයා එම සංගමයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස බිත්තර මිල අඩු
කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා ප‍්‍රකාශ කර තිබේ.
 

සතොස, සමුපකාර ආදී වෙළෙඳ සල් මගින් මෙම මිලට බිත්තර මිලදී ගැනීමේ හැකියාව තිබෙන අතර, මේ වන විට බිත්තර ලොරි 450 ක් දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවත්, වැඩි මිලට බිත්තර අලෙවි කරන්නේ නම් 0372293300 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද එම සංගමය පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.
 
එම සංගමය විසින් අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පන්දහසක තොගයක් පරිත්‍යාග කිරීම ද ඊයේ පෙරවරුවේ සිදුවිය.

 අනුර බාලසූරිය 

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka