Tuesday, April 21, 2020

ඇඳිරිනීතිය මැද්දේ කරගෙන ගිය කඩවත ගණිකා නිවෙසක් වටලා 6දෙනෙක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය බලපැවැත්වෙන අවස්ථාවක කඩවත පොලිස් බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රසිද්ධ හෝටලයක් තුළ නීතිවිරෝධී අන්දමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් යැයි සැකකරන ස්ථානයක් වැටලූ කඩවත පොලීසිය සැකකරුවන් තුන්දෙනෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ හෝටලයේ කළමනාකරු බව කියන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

20වනදා සිදුකළ මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් පිරිස කොළඹ, කිරිබත්ගොඩ කඩවත ගණේමුල්ල කුලියාපිටිය යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පොලීසිය සැකකරුවන්ට
එරෙහිව නඩු පවරා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා 20 වනදා මහර අතිරේක මහෙස්ත‍්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප‍‍‍‍යක් මත සැකකරුවන්ට ඇප ලබා දුන් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නඩුව ජූලි මස 20 වනදා නැවත කැඳවීමටද නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික‍්‍රමරත්න මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
 
 
කැලණිය මංගලා මදුරප්පෙරුම
under the courtesy of divaina.com news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka