Tuesday, April 21, 2020

දිගටම නිවසේ සිටීමෙන් මනස පීඩාවට පත්වූවන්ට නොමිලේ උපදේශන සේවයක්

කොරෝනා වසංගත සමයේ නිවසේ සිටින අයට මානසික  ආතතිය,පීඩනය හෝ කාංසාව වැනි මානසික  තත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඔවුන්ට නොමිලේ  වෘත්තීය මනෝ උපදේශකවරයකු හා සම්බන්ධ වී නොමිලේ  උපදෙස් ලබා දීමේ සේවයක් ආරම්භ කර තිබේ. ඔනෑම අයෙකුට දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී නොමිලේ මේ සේවය සලසා ගත හැකිය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය , වෘත්තීය  උපදේශන සේවා  සංගමය හා එක්ව ඩයලොග් සමාගමේ  අනුග්‍රහයෙන් මේ මානසික උපදේශන සේවය දියත් කර තිබේ.

මෙවැනි  මානසික තත්වයන් පාලනය  කරගත නොහැකි තත්වයට පත් වන්නේ නම්  ඊට මුහුණ දීමට
ඇති හොඳම ක්‍රමය නම්,අඩු පහසුකම් යටතේ වුවද  තම  පාලනය තුළ පවත්නා හැකියාවන් ක්‍රියාවට පරිවර්තනය කිරීමය. අසහනකාරී තත්වය හමුවේ වුවද නොසැලී මුහුණ දී මනා පලදායිත්වයක් පවත්වාගෙන යාමට සමත් වීමට මේ සේවාව හරහා උපදෙස් ලබා ගත හැකි වේ

එසේම,වැඩිහිටියන් මෙන්ම දරුවන් ද සමගින් පවුලේ  සියලු දෙනාම නොකඩවා දිනෙන්දින, සතියෙන් සතිය නිවස තුළම රැදි සිටීම හේතුකොට ගෙන ද වෙනදා ඇති නොවූ අලුත් ප්‍රශ්න හා ගැටලුකාරී තත්වයන් ඉස්මතුවීම ස්වභාවිකය. ගෘහස්ත අසහනකාරීත්වය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කරා වර්ධනය විය හැකිය. විශේෂයන්ම නිවෙස ප්‍රමාණයෙන් කුඩා වීමත් ,පවුලේ සාමාජික පිරිස වැඩිවීමත්, ආර්ථික අපහසුතා අනුව අසහනකාරීත්වය ප්‍රබල හෝ අධික විය හැකිය.මෙම තත්වය පාලනය කර ගැනීමට පවුලේ වැඩිහිටියන් වෙනදාට වඩා අන්‍යොන්‍ය අවබෝධයෙන් කල්පනාකාරී වීමෙන් හා ඉවසා දරා ගනිමින් කටයුතු කළ   යුතුව මෙමෙ සෙයට එක්ව සිටින මනෝ උපදේශකයෝ පවසති.මේ අනුව මානසික ගැටළු හා ප්‍රශ්නවලට මුහුණ දී සිටින ඕනෑම අයෙකුට
වෘත්තීය උපදේශකවරයකු හා සම්බන්ධ වීමට කැමති නම්  0117833199 යන දුරකථන අංකයෙන් මෙම සේවයෙන් උපදෙස් ලබා ගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

under the courtesy of divaina.com news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka