Wednesday, June 29, 2022

සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් “අකැමැත්තෙන් ගත්ත අමාරු තීරණය”

ප්‍රවාහන ගැටලු සහ ඉන්ධන සපයා ගැනීමේ ගැටලු මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් දින දෙකක වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම වර්ජනය අද සහ හෙට යන දෙදින තුළ පැවැත් වේ.

අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණ, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, දන්ත කාර්මිකයන්ගේ සංගමය, ඊ.සි.ජී හා ඊ.ඊ.ජී. නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් 8ක් මෙම වර්ජනයට එක්වීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ පැවසීය.

” අපි මේ තීරණය ගත්තේ කැමැත්තකින් නෙමෙයි. මේ තීරණය ගන්න පෙර බලධාරීන් සමග අපි සාකච්ඡා කළා නමුත් ඵලක් වුණේ නැහැ. අපි අත්‍යවශ්‍ය සේවා කියලා කියනවා. නමුත් අපිට රාජකාරියට වාර්තා කරන්න හා ක්ෂේත්‍ර රාජකාරිවලට වර්තා කරන්න ඉන්ධන සපයා ගන්න බැහැ. අද වන විට කිසිදු ඉන්ධන පිරවුම් හලක ඉන්ධන නැහැ. ඉතින් අපි මොක ද කරන්නේ . ඒ නිස යි අපි අකමැත්තෙන් හරි මේ තීරණය ගත්තේ. අපිට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් ලබන සඳුදා දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න තම යි අපි තීරණය කරලා තියෙන්නේ .”

ප්‍රසාද් පුර්ණමාල් – හලාවත 

under the courtesy of Mawbima.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka