Friday, January 27, 2023

බිරිය පෙන්නා කොල්ලකෑමේ නිරත සැමියා

වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථාන වලට රැගෙනගොස් කොල්ලකන සංවිධානත්මක සොර කල්ලියක සැමියා බිරිද ඇතුලුව සැකකාර හතරදෙනෙක් ඊයේ (25දා) මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය.

චේන් එකයි ෆෝන් එකයි කොල්ලකෑ බවට ලැබුනු පැමිණිල්ලකට අනුව සැකකරුවෙක් ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ලයට යොදා ගත් කාන්තාව වන කොල්ලකරුගේ බිරිදත් , මිතුරාත් මිතුැාගේ මවත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

රාත්‍රි කාලයේ එගොඩ උයන ප්‍රධාන මාර්ගය අසල බිරිය රදවා සිට ලිංගික පහස සොයා පැමිනෙන පුද්ලයන් සමග ඇය පාලු ස්ථානයකට ගියපසු එතැනදී තියුණු ආයුධ පෙන්නා කොල්ලකෑම සිදු කරන බවට තොරතුරු හෙලි වී ඇතැයි පොලිසිය පවසයි.

එසේ පැහැරගන්නා වටිනා රන් බඩු එක් සැකකරුවකුගේ මව යොදවා උගසට තබා මුදල් ලබා ගැනිමට යෑමේදී ඇයවද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මෙම මංපැහැරීම සම්බන්ධයෙන් මොරටු පොලිසියටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අඹුසැමි යුවල සහ මිතුරා අයිස් භාවිතයට ඇබ්බැහි වු පුද්ලයන් බව සදහන්කරන පොලිසිය මහලු කත එක් සැකකරුවකුගේ මවක බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු 28,29, 60 යන වයසේ පසුවන්නන් වන බව සදහන් කරන පොලිසිය මොවුන් ජයගත්පුර ප්‍රදේශයේ කොල්ල කෑ ජංගම දුරකථනය සහ මුදල් පොලිස් බාරයට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා 

under the courtesy of ada.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka