Friday, January 27, 2023

නිවස ගිනි ගැනීමෙන් මව සහ දරු දෙදෙනා මරුට

ඇලයාපත්තුව මහ මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් පිළිස්සී මිය ගිය එකම පවුලේ මවකගේ සහ දරු දෙදෙනෙකුගේ  මළ සිරුරු අද  (27දා) අළුයම, එම නිවසේ කාමරයක තිබී හමුවූ බවත්, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇලයාපත්තුව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස බරපතළ පිලිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොක්කිචිචිය පාර, වැව අසල, මහමාන්කඩවල, ඇලයාපත්තුව ලිපිනයේ පදිංචි නිශාන්ති හේමලතා (33) නැමැති මව සහ ඇගේ දුව වන ජයරත්නගේ හසංකා ප්‍රබෝධනී නැමැති 10 හැවිරිදි දැරිය, පුතා වන ජයරත්නගේ විනුජ නවෝද් ජයරත්න නැමැති 5 හැවිරිදි දරුවෙකු බව පොලිසිය  කියයි. 

සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ නිවසේ ගෘහ මූලිකයා වන  37 හැවිරිදි සමන්ත ජයරත්න නැමැති අය, දෑත් වලට සිදුවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

ඊයේ (26දා) රාත්‍රි 11.45 ත් 12:30 අතර කාලයේ දී මෙම ගින්න හට ගෙන ඇති බවට සැක කරන බවත් පොලිස් හදිසි   ඇමතුම් අංකයට (119) ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගිය සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම  මහතා  ඇතුළු නිලධාරීහු පිරිසක් ගිනි ගත් එම නිවස පරික්ෂා කර තිබුණි.

‍එම ගින්න පැතිර ගොස් තිබූ අවස්ථාවේදී නිවසේ ඉදිරිපස පදිංචි අසල්වැසියකු හට නිවස  දෙසින් කෑ ගසන ශබ්දය ඇසී පොලිසිය  දැනුවත් කර  ගම්වාසීන් හට කෑ ගසා  ගින්න නිවා දැමීමට කටයුතු කළද, ඒ මොහොත වන විටත් දරු දෙදෙනා සහ මව  බර පතළ පිලිස්සුම්  තුවාල ලබා නිදි යහන තුලදීම එම ජිවිතක්ෂයට පත්ව තිබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ගින්නට මැදිවී ජීවිතක්ෂයට පත්වූ දස හැවිරිදි හසංකා දැරිය පෙරේදා  ප්‍රතිථල නිකුත්වූ ශිෂ්‍යත්ව විභාගයෙන්  විශිෂ්ට ජයක් ලබා තිබූ අතර, මියගිය කුඩා පුතු වන  5 හැවිරිදි  විනුජ ලබන වසරේ සිට පාසල් යාම සඳහා ඇඟිලි ගනිමින් පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිට ඇති බව මෙහිදී අසල් වැසියෝ පැවසූහ.

සිද්ධියෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන  එම දරු දෙදෙනාගේ පියා වන සමන්ත ජයරත්න කළක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව ගොස් මාළු වෙළෙඳාමේ නිරතව සිට ඇති අතර ජීවිතක්ෂයට  පත්වූ මව,  දරු දෙදෙනා රැක බලා ගනිමින් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.

ගිනි ගැනීමට ලක්වූ මෙම නිවසට, අසල නිවසකින් විදුලිය ලබා ගෙන තිබූ බවට සහ ගිනි ගත් නිවස තුළ පැට්‍රල් බූලියක් තිබී ඇති බවටත් මූලික විමර්ශනවල දී තොරතුරු ලැබී ඇති අතර  ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු  කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

under the courtesy of ada.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka