කොවිඩ්-19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට ගෙන ඇති බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
කොවිඩ්-19 ආසාදිතයින් රෝහල්ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළු වීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව ද එම සංවිධානය එමගින් පෙන්වා දී තිබේ.
එමෙන් ම, ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.