මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතිය ගැසට් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් සාර්ථක ප්‍රතිඵල හිමිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.
එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා සඳහන් කළේ ලබන අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමඟ ද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් පවතින යම් යම් ගැටලු නිරික්ෂණය කර ගැනීම සඳහා නීතිපතිවරයා සමඟද සාකච්ඡා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
එම සාකච්ඡාවලින් අනතුරුව අදාල ගැසට් නිවේදනය ලබන මාසයේදී ප්‍රකාශයට පත්වනු ඇති බව එම ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.