Saturday, September 30, 2017

ප්‍රතිසංස්කරණ ගේන්න නීති ක්ෂේත්‍රයේ උපදෙස් ඕනි

නඩු ප්‍රමාදය අවම කිරීමට හා ජනතාවට, රටට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ අදහස් හා යෝජනා අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ ගාල්ල අමාරි හෝටලයේ දින තුනක් පුරා පැවැත්වෙන කණිෂ්ඨ ජාතික නීති සමුළුව 2017 ආරම්භක උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

අපේ රටේ අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදවීම බරපතළ  ගැටළුවක් බවට පත් වෙලා තිබෙනවා.එම තත්ත්වය අවම කිරීමට නීතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නීති ආධාර යුක්තියේ සමානාත්මතාවය නිසි පරිදි

ලබාදීම විශ්වීය වශයෙන් පිළි ගැනෙන මානව අයිතියක්. නඩු ප්‍රමාදය අවම කිරීමට විශේෂයෙන් අධිකරණවල සේවය කරනු ලබන ඉහළ සිට පහලට සියලු දෙනා කැපවී කටයුතු කිරීම වැදගත් වෙනවා.

මේ වන විටත් මෙම තත්ත්වය අවම කිරීමට රජය වශයෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. තවදුරටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නීති ක්ෂේත්‍රෙය් සියලු දෙනාගේ අදහස් හා යෝජනා අවශ්‍ය බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. 2015 වසරේ අපේ රටේ මහාධිකරණවල දළ වශයෙන් නඩු 16960 විභාග වීමට පැවතුණා. 2016 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට මහාධිකරණවල නඩු 17038 පැවතුණා. නඩු 3347 ක් පමණ 2015 වසරේදී සිවිල් අභියාචනා මහාධිකරණවල ආසන්න වශයෙන් විභාග වෙමින් තිබුණා. 2017 මාර්තු වන විට අපේ රටේ වාණිජ මහාධිකරණවල නඩු 5580 ක් හා මහාධිකරණවල නඩු 16574 ක් තිබු බව ද අමාත්‍යවරිය පැවසුවාය.

යුක්තිය පසෙඳලීමේ කටයුතු කාර්යක්ෂමව හා අපක්ෂපාතීව සිදු විය යුතුයි. එසේ නොවුනහොත් මහජනතාව තුළ ඒ පිළිබඳව තිබෙන විශ්වාසය පිරිහීමට හේතු විය හැකියි.නීතිඥයින් වන ඔබ සෑම අවස්ථාවකම නීති ක්ෂේත්‍රය පිළිබඳව විශ්වාසය ඇති වන ආකාරයට කටයුතු කිරීම වැදගත් වෙනවා.රජය හැම අවස්ථාවකම නීති අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට නීතිඥයින්ට අවශ්‍ය පහසුකම් පුහුණුවීම් ලබාදීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍යවරිය මෙහිදී  පැවසුවාය.

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka