Pages

Tuesday, February 4, 2020

අවුරුදු 5ක දැරියක් ළිඳට වැටී මියගිහින්

යාපනය අච්චුවේලී ප්‍රදේශයේ අවුරුදු 5 ක් වයසැති දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (03) දින මිය ගොස් ඇති බවට අච්චුවේලී පොලීසිය පවසයි.

අදාළ දැරිය නිවසේ ගෙවත්තේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව දෙමාපියන් විසින් දැරිය නොමැතිකමින් සොයා බලද්දි ගෙවත්තේ තිබූ
අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක එම අවස්ථාවේදීම ළිඳෙන් ගොඩට ගෙන රෝහල්ගත කොට තිබෙනවා.

මෙසේ ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ ජෙගදීස්වරන් අට්සයා නැමති පස් හැවිරිදි දැරියක් වන අතර රෝහලට රැගෙන යන විටත් ඇය මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරුන් පවසනවා. දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවය නිසාවෙන් බිළිඳු ජීවිතයක් අහිමි වී ඇති බවට පරික්ෂණ සිදු කරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පවසයි.

 
under the courtesy of mawbima.lk news web