Pages

Tuesday, February 4, 2020

කුවේටයේ සිට ගෘහ සේවිකාවන් 58 දෙනෙක් දිවයිනට

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා.

ඔවුන් තමන් සේවය කළ නිවෙස් වලදී සිදුවන හිරිහැර, කරදර ඉවසා ගැනීමට නොහැකිව එම නිවෙස් වලින් පලායමින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබුණා.
පසුව ඔවුන් තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන සිට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙලෙස ශ්‍රී ලංකාවට පිටත්කර ඒවා තිබුණා.

මෙම පිරිස අද (04) උදෑසන 6.20ට පමණ කුවේටයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 230 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්වයෙන් පසු වූ අතර ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදී පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 'සහන පියස' වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.