Pages

Thursday, February 6, 2020

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි සහ බිරිඳ CIDයට භාරවෙයි

ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ භාරවී තිබෙනවා.

 මේ වනවිට මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා
අතර පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.