Monday, February 24, 2020

වාද්දුවේ හෝටලයක ජර්මන් සුද්දියක්ව හිරකරගෙන ඉඳලා කරපු දේ මාට්ටු වෙච්ච හැටි

වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් කාන්තාවක් එම සංචාරක හෝටලයේ අයිතිකරු විසින් රඳවාගෙන ඇය බිය වද්දා මරණ තර්ජනය කර සිටියදී ඒ බව දැනගත් හිරු සී.අයි.ඒ. කණ්ඩායම එහි ගොස් ඊයේ(23දා) ඇය මුදාගැනීමට සමත්ව ඇත.

එම කාන්තාව මීට පෙර අවස්ථාවක එම හෝටලයේ නවාතැන්ගෙන සිටියදී එහි අයිතිකරු එම හෝටලය නවීකරණය කිරීමට උදවු කරන ලෙස ඉල්ලා හෝටලය එම කාන්තාව සමඟ හවුලේ පවත්වාගෙන යන බවට ඇති කරගත් එකඟත්වය මත රුපියල් ලක්‍ෂ 78කට අධික මුදලක් ලබාදුන් බව පවසන ජර්මන් ජාතික කාන්තාව ඇය මෙවර ශ්‍රී 
ලංකාවට පැමිණි අවස්ථාවේ හෝටලය අයිතිකරු එම පොරොන්දුව කඩකර ඇයව සංචාරක හෝටලය තුළ සිරකර රඳවාගෙන සිට ඇත.

මේ පිළිබඳව දැනගත් හිරු සී.අයි.ඒ. කණ්ඩායම එම ස්ථානයට යන විට ජර්මන් ජාතික කාන්තාව තමා බේරාගන්නා ලෙස හෝටලයේ උඩු මහලේ සිට කෑගසමින් සිටියදී එම ස්ථානයට පැමිණි හෝටලයේ අයිතිකරු හිරු සී.අයි.ඒ. කණ්ඩායම සමඟ බහින් බස් වෙමින් සිටින අතරතුර ජර්මන් කාන්තාව හෝටලයෙන් පිටතට පැමිණ ඇති අතර ඇය හිරු කණ්ඩායම සමඟ වාද්දුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කර ඇයට පිහිට වන ලෙස ඉල්ලීමක් කර ඇත. වාද්දුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


 under the courtesy of mawbima.lk news web

------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka