Pages

Thursday, February 20, 2020

විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා ආබාධිත රණවිරුවන් හතරවන දිනටත් මහමඟ


විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රියපල ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසය අද හතරවන දිනටත් ක්‍රියාත්මකයි.

එහි සභාපති උජිත රොෂාන් කියා සිටියේ විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට දිවි ඇති තෙක් වැටුප් ලබාදීමට රජය පොරොන්දු වුවද එය මෙතෙක් ඉටුවී නොමැති බවයි.

මේ අතර ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැත්වෙනවා.

එහිදී කැබිනට් පත්‍රිකාවක් මගින් ඔවුන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන
බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් උපවාසයේ නිරත ආබාධිත රණවිරුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද අද කොළඹට පැමිණියා.

එහි කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් කියා සිටියේ රජය පොරොන්දු වූ පරිදි ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටළුවට විසඳුම් ලබාදී ඇති බවයි.

under the courtesy of gossip.hirufm.lknews web