Pages

Thursday, February 20, 2020

සෙට්ටිකුලමේදී ට‍්‍රක් එකක හැපුණු යතුරුපැදියේ ගිය දෙදෙනා මරුට

වවුනියාව සෙට්ටිකුලම ගජසිංහපුර ප‍්‍රදේශයේදී  18 වැනිදා රාත‍්‍රි යතුරුපැදියක් ට‍්‍රක් රථයක ගැටීම නිසා යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාම බරපතළ තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ ලෙස තුවාල ලැබූ එක් අයකුගේ සුශුම්නාවට හා හිසට දැඩි ලෙස හානි සිදුව ඇති නිසා ඔහු යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ සෙට්ටිකුලමේ
පදිංචි තරුණයන් දෙදෙනෙකි.

සෙට්ටිකුලම පොලිසිය මේ අනතුර  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


 under the courtesy of divaina.com news web